සහස්නා Apparel හරහා අසරණ පවුල වලට නිමි ඇදුම් අලෙවි කිරීමේ ස්‌වයං රැකියා ලබාදීම

ඇඳුම් මැසීමේ කුසලතා නොමැති අසරණ පවුල් වලට ඇඳුම් අලෙවි කිරීම තුළින් ආදායමක් ලබා ගත හැකි බව අපට අවබෝධ විය. ඒ අනුව අප විසින් පරිත්‍යාග කෙරූ මැහුම් යන්ත්‍ර උපයෝගී කරගනිමින් නිම වෙන නිමි ඇඳුම් මිලදී ගෙන එවන් කුසලතා නොමැති පවුල් යොදා ගනිමින් ඊට අවැසි වෙළෙඳ පොළක් නිර්මාණය කිරීමට අපට හැකි විය. මේ තුළින් හැකියාව ඇති නැති සැමට ආදායමක් ලබන්නට අවස්ථාව උදා වනවා මෙන්ම තමන් විසින් නිම කරන නිමි ඇඳුම් සඳහා වෙළෙඳ පොළක්ද නිර්මාණය වනවා.

Sahasna
Sahasna

බෙලිමල් විකුණා දරුවෝ 4 දෙනෙක් සමඟ තම පවුල රැකගන්න දුක් විඳින අසරණ පවුල (2017-A-0034)

මේ පවුල ඉන්නේ රාජාංගනය පහල මාරගහවැව, නැකැත්තේගම, යොවුන් ගම්මානයේ. දරුවන්ගේ මව ධර්ෂිකා අචිනි රාජකරුණා (34), පියා මහින්ද ඒකනායක (35), නිකේෂි (අවුරුදු 2), ජිනාලි (3 වසර), පියුමි (5 වසර), ප්‍රසන්න (අවුරුදු 12)
පොල් අතු, ඉටිරෙදි වටකරගත් නිවසක ඉන්නේ. ප්‍රසන්න පුතා මානසික ආබාධායකින් පෙළෙන නිසා විශේෂ අධ්‍යාපන ඒකකයක ඉගෙන ගන්නේ. මේ දරු පවුල රැකගන්න අම්මයි, තාත්තයි පාරේ අයිනේ පොඩි මැස්සක් ගහගෙන බෙලිමල්, බඩ ඉරිඟු සහ කොස් විකුණනවා. එක වේලක් කෑවොත් වේල් දෙකක් බඩගින්නේ. සතියකට දෙකකට කන්න කෑම ටිකක් දීලා වැඩක් නැති නිසා අපි තීරණය කලා මේ අයට ස්වයංරැකියාවකට සහය දක්වන්න. පාර අයිනේ බෙලිමල් විකුණන ගමන් කාන්තා සහ ළමා නිමි ඇඳුම් විකුණන්න ස්වයංරැකියාවක් ආරම්භ කරලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මුණගැහුණු අවස්ථාවේ මම මේ මවට ඉටිකොලවලින් වටකරලා පොල් අතු සෙවිලි කරලා පුංචි කඩයක් හදාගන්න අවශ්‍ය මුදල් දීලා ආවා.

බෙලිමල් විකුණා දරුවෝ 4 දෙනෙක් සමඟ තම පවුල රැකගන්න දුක් විඳින අසරණ පවුල (2017-A-0034)

Sahasna

කුලීවැඩ කර දරුවෝ 4 දෙනෙක් සමඟ තම පවුල රැකගන්න දුක් විඳින අසරණ පවුල (2017-A-0035)

මේ පවුල ඉන්නේ කැබිතිගොල්ලෑව, ගල්කඩවල, කහටගොල්ලාව ගමේ. සුරේෂ් කුමාර (28), දුලීකා කුමාරි (31), සන්දීපා (11), තරිඳු (9), සඳලි (5), සවිඳු (1 1/2)
කටු මැටි ගහපු ගෙදරක ඉන්නේ. කඩා වැටෙන්න ආසන්නයි. කුළී වැඩ කරලා කීයක් හරි හොයාගන්නේ. අති දුෂ්කර ප්‍රදේශයක් නිසා හැමදාම කුළීවැඩ නැහැ. එක වේලක් කෑවොත් වේල් දෙකක් බඩගින්නේ. සතියකට දෙකකට කන්න කෑම ටිකක් දීලා වැඩක් නැති නිසා අපි තීරණය කලා මේ අයට ස්වයංරැකියාවකට සහය දක්වන්න. ගෙදර ඉඳන්, ගමේ ඇවිදලා සහ සති පොළට ගිහින් කාන්තා සහ ළමා නිමි ඇඳුම් විකුණන්න ස්වයංරැකියාවක් ආරම්භ කරලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

කුලීවැඩ කර දරුවෝ 4 දෙනෙක් සමඟ තම පවුල රැකගන්න දුක් විඳින අසරණ පවුල (2017-A-0035)

Sahasna

දිවි රැකගන්න ගහක් උඩ පැලක රැය පහන් කරන අසරණ පවුල  (2017-A-0036)

මේ පවුල ඉන්නේ මැදවච්චිය, ඇටවීරගොල්ලෑව, පාඩිග්ගම ගමේ. පුංචි පැලක ඉන්නේ. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. උපාලි රණවීර (50), අනෝමා ප්‍රියනන්දනී (45), අමායා (1), මධුර (12), මධුෂිකා (12).
ප්‍රධාන මාර්ගයෙන් කිලෝමීටර් 1ක් පමණ කැලේ ඇතුලේ මේ අය ඉන්නේ. සවස 5 වෙනකොට පවුලේ හැමෝම ගහක් උඩ තියෙන පැලට නගින්නේ රෑට එන අලින්ගෙන් බේරෙන්න. ආපහු හොඳට එළිය වැටුනහම ගහෙන් බැහැලා මේ දරුවෝ පාසල් යනවා...
දවල්ට ඉන්නේ කටුමැටි, ඉටිරෙදි වටකරගත් පුංචි පැලක. පුංචියට ගොවිතැනුත් කරනවා. කැලේට ගිහින් සතෙක්ව දඩයම් කරගෙන ඒවගෙන් තමා ජීවත්වෙන්නේ. කන වේල් ගානට වඩා බඩගින්නේ ඉන්න වේල් ගානනම් වැඩීලූ. ඊටත් වඩා හැමදාම පණ බයෙන් ඉන්නේ ඉන්නේ අලි එයි කියලා.
මොනවා වුනත් කරන පව්කාර රස්සාව නවත්වලා යහපත් ආකාරයට මුදල් උපයන්න මගපෙන්වලා දෙන්න හිතුවා. ඉස්සර අපි ව්‍යාපෘති කලා වගේ මාස්පතා ඒ අයගේ බැංකු ගිණුම් වලට දහස් ගණන් තැන්පත් කරන්න කියලා අපි කියන්නේ නැහැ. මොකද යැපුම් මානසිකත්වයට හුරුකරන්න හොඳ නෑ.
ඒ වගේම සතියකට දෙකකට කන්න කෑම ටිකක් දීලා වැඩක් නැති නිසා අපි තීරණය කලා මේ අයට ස්වයංරැකියාවකට සහය දක්වන්න. ගෙදර ඉඳන්, ගමේ ඇවිදලා සහ සති පොළට ගිහින් කාන්තා සහ ළමා නිමි ඇඳුම් විකුණන්න ස්වයංරැකියාවක් ආරම්භ කරලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. පුංචි කඩයක් හදාගන්නම් කීවා ඒ අයගේ නෑදෑ ගෙදරක.

දිවි රැකගන්න ගහක් උඩ පැලක රැය පහන් කරන අසරණ පවුල

දිවි රැකගන්න ගහක් උඩ පැලක රැය පහන් කරන
අසරණ පවුල (2017-A-0036)

Sahasna

නින්ද අහිමිව හඬන දුල්ෂාන් චමෝද පුතු රැකගන්න දුක් විඳින අසරණ පවුල (2017-K-0038)

මේ පවුල ඉන්නේ කුරුණෑගල, දොරටියාව ගමේ. පුතාගේ නම දුල්ෂාන් චමෝද. වයස අවුරුදු 10යි. මේ පුතාට ඇවිදින්න, කතා කරන්න බැහැ. ඉපදුන ගමන්ම කහ උණ හැදුනලු. දරුවා එක දිගට දින ගනන් නිදාගන්නේ නැතුව ඉන්නවලු. මහනුවර රෝහලෙන් එයට බෙහෙතක් (Extra Strength MELATONIN Night Time Sleep Aid) නිර්දේශ කරලා තියෙනවලු. ඒකත් ලංකාවේ මිළදී ගන්න නැහැ. පිටරටින් රුපියල් ලක්ෂ 3 1/2ක් දීලා ගෙන්නවගෙන තියෙන්නේ.දරුවගේ අසනීපයට මුදල් ඕන නිසා හැම දෙයක්ම විකුණලා දැන් මේ අය ගොඩක් අසරණ වෙලා ඉන්නේ. පොඩි කඩයක් කරනවා. පොඩි ලෑලි වටකරගත්ත කොටසක තමා මේ පුතාගේ අම්මයි, තාත්තයි, අක්කයි දැන් මේ දරුවත් තියාගෙන ඉන්නේ.
මේ දරුවට ප්‍රතිකාර වලට විශාල වියදමක් යනවා. නුවර, කොළඹ එක්ක යන්න වෙනවා. දැන් මේ පවුලම මහමගට වැටෙන්න තරම් අසරණ වෙලා ඉන්නේ දරුවගේ වියදම් නිසා. ඉතිං අපි ඒ සඳහා ස්ථීර විසඳුමක් දෙන්න හිතුවා. අපිට බෑ ඒ අයට දිනපතා උදව් කරන්න. නමුත් දිනපතා මුදල් උපයන්න ක්‍රමවේදයක් හදලා දුන්නනම් ඒ අයගේ උත්සාහයෙන් මුදල් උපයාගනීවී. ඔවුන් දැනටමත් පාපිසි, මල් පෝච්චි, ඇඳුම් වගේ දේවල් නිවස ඉදිරිපිට විකුණනවා. එය දියුණු කරගන්න අපි උදව් කරන්න පොරොන්දු වුණා.

නින්ද අහිමිව හඬන දුල්ෂාන් චමෝද පුතු රැකගන්න
දුක් විඳින අසරණ පවුල (2017-K-0038)

Sahasna

ලියුකේමියාව හැදුනු අසරණ දරුවා රැකගන්න දුක් විඳින අසරණ මව  (2017-KEG-0039)

මේ පවුල ඉන්නේ කිතුල්ගල. කේ.ජී නන්දාවතී තමයි මේ දරුවන්ගේ මවගේ නම. 179 6 D, පොළිසිය අසල, බටකිත්ත, කිතුල්ගල ලිපිනයේ ඉන්නේ. පුංචිම පුතාට වයස අවුරුදු 2යි. එයාගේ නම අනුහස්. පුංචි පුතාට ලියුකේමියාවලු. දෙවෙනි පුතා බිහිදු. එයා 4 වසර ඉන්නේ. දරුවට බෙහෙත් කරන්න වියදම් වලට ගෙදරයි, ඉඩමයි උගස් තියලා එයත් දැන් සින්න වෙන්න යන්නේ. තව ටික දවසකින් මේ අයට පාරට බහින්න සිද්ද වෙනවා. දරුවගේ මව බයිට් විකුණලා තමා මේ පවුල රැකගන්නේ. 2016 මැයි වලදී දරුවන්ගේ පියා නැතිවෙලා හදිසි අනතුරකින්.
මේ දරුවාට මාමයිට්, කිරිපිටි, මුංඇට, කව්පි, චීස්, බටර්, මස්, මාලු වැනි පෝෂ්‍යදායි ආහාර ලබාදෙන්න ඕනලු. ඒ සඳහා විශාල වියදමක් යනවා. බෙහෙත් වලටත් මාසෙකට රු.10,000කට වඩා යනවා. නුවර යන්න ඕනලු බෙහෙත් ගන්න. අවුරුදු 5ක් එක දිගට බෙහෙත් කරන්න කීවලු. දැනට අම්මා බයිට් පැකට් හදාගෙන ගිහින් ඔෆිස් වලට සහ ගෙයක් ගෙයක් ගානේ ගිහින් ඒවා විකුණලා ලැබෙන සොච්චමෙන් තමා ජීවිතේ ගැටගහගන්නේ. හෙට අනිද්දට සතියකට දවසක් යන රස්සාවක් ලැබුණලු ලෝයර් කෙනෙක් ලඟ. ඒකට යන්නලු ඉන්නේ. ඒකෙන් රු.250ක් ලැබෙනවලු. බලන්න අපිට රු.250 කියන්නේ කොච්චර පොඩි දෙයක්ද, අපිට එක වේලකටත් මදි සමහර වෙලාවට.

ලියුකේමියාව හැදුනු අසරණ දරුවා රැකගන්න දුක් විඳින අසරණ මව (2017-KEG-0039)

අපි උදව් කරන්න බලපාපොරොත්තු වෙන තවත් අසරණ පවුල්...

About Us

දිළිඳු භාවය පිටු දැකීම උදෙසා සුවහසක් ශ්‍රී ලාංකික දුගී දුප්පත් ජනයා හට නිතර පිහිට වීමට වඩා ඔවුනට ස්ථීර පිළියමක් ලබා දීම කෙරෙහි සමාජසත්කාර අපගේ අවධානය යොමු විය. එහිදී එම පවුල් වෙත ආදායම් මාර්ගයක් සකස් කරගැනීම වෙනුවෙන් ස්වයංරැකියා ලබා දීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබුවා. සහස්නා Apparel හි බිහි වීම ආරම්භ වූයේ එමඟිනි. 

SUBSCRIBE

අසරණ පවුල ගැන විස්තර එසැනින් ලබාගැනීමට...

CONNECT WITH US