සහස්නා Apparel | Empowering Families

අප ආයතනය ක්‍රියාත්මක වන ආකාරය දැනගන්න පහත ලින්ක් එක ක්ලික් කරන්න. 

Technology

දියතලාව ප්‍රදේශයේ පිහිටි සහස්නා Apparel හි ප්‍රධාන මධ්‍යස්ථානයේ එකිනෙකට වෙනස් වූ මැහුම් යන්ත්‍ර මාදිළි 4ක් භාවිතා කරනු ලබනවා. එම යන්ත්‍ර සඳහා පුහුණුව ලැබූ සේවිකාවන් හතර දෙනෙකුද සිටිනවා. මීට අමතරව විවිධ ප්‍රදේශයන්හි සිටින් අසරණ පවුල් එත මැහුම් යන්ත්‍ර පරිත්‍යාග කිරීමද අප විසින් සිදු කර ඇත.

Trainings

ඇඟලුම් ක්ෂේත්‍රයේ වසර 24 ක පලපුරුද්ද සමඟින් සේවිකාවන් හට මනා පුහුණුවක් ද අවශ්‍ය මග පෙන්වීම ද මෙන්ම තත්ව පරික්ෂාව යන සියල්ල නිලන්ති එදිරිසූරිය මහත්මියගේ මූලිකත්වය යටතේ සිදුවේ. ඇය සතු හැකියාව මනා සේ උපයෝගී කරගනිමින් නියමිත ප්‍රමිතියෙන් යුතු නිමැවුම් නිර්මාණය කිරීමට නිරතුරුවම උත්සහ දරයි.

Measurements

ජාත්‍යන්තරව පිළිගනු ලබන මිමි සහ තත්වයන් සොයා බලා අප රටට සුදුසු වන් පරිදි සකක් කොට නියමිත් මිමි ප්‍රමාණයන්ට අනුකූලව මැසීම සිදු කළ යුතු ආකාරය
පිළිබඳව උපදෙස් ලබා දීම පූර්ව පෙරහුරුවක් ලෙස සිදු කරන ලදි.

Sewing

මෙම මූලික මධ්‍යස්ථානයේ සේවයේ නියුතු සෑම අයෙකුම ආර්ථික අතින් ඉතා අවම මට්ටමක ජීවත් වන් පිරිසක්. එනිසාවෙන්ම ඔවුන් සතු මැහුම් කුසලතාවන් නිබඳව
පෙන්නුම් කරමින් ඉහළ ප්‍රමිතියෙන් යුත් නිමි ඇඳුම් මැසීමට ඔවුන් සෑම විටම උත්සහ දරනවා.

Guidance

නව විලාසිතාවන් නිර්මාණය කර පසුව ඒවා සහස්නා ඇපරල් හි සේවිකාවන් හට පුහුණු කිරීම නිලන්ති එදිරිසූරිය මහත්මිය විසින් සිදු කරනු ලබයි. මීට අමතරව මැහුම් කටයුතු තුලදී ඇතිවිය හැකි ඕනෑම ගැටළුවකදී අවශ්‍ය සහයෝගය හා මඟපෙන්වීම ලබා දෙමින් සේවිකාවන් හට සවියක් වීමට අප නිරතුරුවම උත්සහ දරයි.

Quality Checking

සෑම නිමි ඇඳුමක්ම මැසීමෙන් අනතුරුව එහි තත්ව පරික්ෂාව එකිනෙක් වෙන වෙනම සිදු කරන අතර ග්‍රාමීය නිමැවුම්කරුවන්ගේ දෑතින්ම නිම වෙන නිමි ඇඳුම් පවා නැවත
තත්ව පරික්ෂාවකට ලක් කිරීම සෑම විටම සිදු වේ. එමගින් ඉහළ ප්‍රමිතියකින් යුත් නිමි ඇඳුම් බෙදා දීමට අපට හැකි වේ.

Ironing

සම්පූර්ණ වශයෙන් මසා නිම කළ ඇඳුම් මැදීම තුළින් එහි මනා පෙනුම ලබා ගැනීම සිදු කරයි. සියළුම ඇඳුම් මෙසේ මැදීමෙන් පසුව බෙදා හැරීමේ කටයුතු ආරම්භ කෙරේ.

Labeling & Packing

අවසාන අදියර ලෙස වැඩ කටයුතු අවසන් කළ සෑම ඇඳුමකටම සහස්නා ඇපරල් හි ටැග් කාඩ් පත් සවි කිරීම සිදු කරනු ලබයි. මෙහි මිළ ගණන් සඳහන් නොකරන අතර ඕනෑම මුදලකට අලෙවි කිරීමේ හැකියාව ලබා ගන්නා පුද්ගලයා සතු වේ. ටැග් කාඩ්පත් සවි කිරීමෙන් පසු ඇඳුම් වෙන් වෙන් වශයෙන් පාර්සල් කිරීම සිදු කරනු ලබයි.

සහස්නා Opening

2017  ජූනි මස 23 වන දින ස්වාමීන් වහන්සේලාගේ පිරිත් දේශනා මධ්‍යයේ ආගමානුකූලව සහස්නා ඇපරල් හි ප්‍රධාන මධ්‍යස්ථානය දියතලාව ඇල්ලේගම ප්‍රදේශයේ දී විවෘත කෙරිණි. මෙම අවස්ථාවට අපගේ මධ්‍යස්ථානයේ සේවිකාවන්ද සම්බන්ධ වූවා.

About Us

දිළිඳු භාවය පිටු දැකීම උදෙසා සුවහසක් ශ්‍රී ලාංකික දුගී දුප්පත් ජනයා හට නිතර පිහිට වීමට වඩා ඔවුනට ස්ථීර පිළියමක් ලබා දීම කෙරෙහි සමාජසත්කාර අපගේ අවධානය යොමු විය. එහිදී එම පවුල් වෙත ආදායම් මාර්ගයක් සකස් කරගැනීම වෙනුවෙන් ස්වයංරැකියා ලබා දීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබුවා. සහස්නා Apparel හි බිහි වීම ආරම්භ වූයේ එමඟිනි. 

SUBSCRIBE

අසරණ පවුල ගැන විස්තර එසැනින් ලබාගැනීමට...

CONNECT WITH US