අසරණ පවුල් වලට ස්‌වයංරැකියා සදහා මහන මැෂින් පරිත්‍යාග කිරිම 

2014 වර්ෂයේ පටන් සමාජසත්කාර.lk තුළින් සිදු කෙරූ සෙනෙහසේ චාරිකාව තුළදී හමු වූ අසරණ පවුල් වෙත ස්වයංරැකියා ලබා දීමේ අරමුණින් යුතුව මැහුම් යන්ත්‍ර පරිත්‍යාග කෙරූ අතර අවශ්‍ය සියළු අමුද්‍රව්‍යද ලබා දුනි. මෙහි තිබූ මූලික ගැටළුව වූයේ ඇඳුම් මසා නිම කළඳ ඊට අවැසි වෙළෙඳ පොළ ඉල්ලුමක් ඔවුනට නොමැතිකමයි. නමුත් මෙසේ ලබා දුන් මැහුම් යන්ත්‍ර උපයෝගී කරගනිමින් යම් ආදායමක් ලබා ගැනීමට ඔවුනට හැකි විය.

Sahasna
Sahasna

දරුවන් රැකගන්න ගොවිතැන් කරමින් දුක් විඳින අසරණ පවුලට ස්වයංරැකියාවක් ලබාදෙන්න සහය වූ ෆේස්බුක් මිතුරු මිතුරියෝ

මේ පවුල ඉන්නේ මැදවච්චිය , මොරගොඩ, ඇටවීරගොල්ලෑව ගමේ. දරුවන්ගේ මව කේ. චන්ද්‍රා කාන්ති (48), එම්. ඒ. වෛද්‍යරත්න (42), අතිල ලක්ෂාන් (13), හෂානි දිල්ෂාරා (17), ඒ. ඩිංගිරි (84). ගොවිතැන් කරලා ජීවිතේ ගැටගහගන්නේ. ගරා වැටුණු නිවසක ඉන්නේ. දුව උසස්පෙළ කරන්නේ. සමහර වෙලාවට දරුවන්ගේ අම්මා ගමේ අයගේ රෙදි අතින් මහලා කීයක් හරි හොයාගන්නවලු. ඇය අපෙන් ඉල්ලා සිටියා හැකිනම් මහන මැෂිමක් ලබාදෙන්න කියලා. අපි ඇයට කුඩා ටේලර් ෂොප් එකක් ආරම්භ කරලා දෙන්න හිතුවා.
ඉතිං අපි ඇයට ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ උදව්වෙන් සිංගර් මහන මැෂිමක්ද, කාන්තා යට සායවල් ආදිය මැසීමට සුදු රෙදිද, ඇඳුම් මැසීමට විවිධ වර්ණ සහ මෝස්තර වලින් රෙදිද, නූල්, කතුරු, රේන්ද, ඉලස්ටික්, ෂිපර්, බොත්තම් සහ අවශ්‍ය අනෙකුත් දේවල්ද පරිත්‍යාග කලා. මහන මැෂිම කැබිතිගොල්ලෑවෙන් මිළදී ගත් අතර අවශ්‍ය රෙදි මිළදී ගැනීමට නොතිබුණ නිසා වව්නියාවට ගොස් අවශ්‍ය රෙදිද මිළදී ගත්තා. ඔවුන්ට "රානි ටේලර්ස්" නමින් නාමපුවරුවක්ද නිර්මාණය කර දුන්නා.
ඇය දැනටමත් අතින් ඇඳුම් මසා ගමේ අයට විකුණනවා. එයින් පුංචි ආදායමක් ඇයට ලැබෙනවා. ඇගේ මේ ශක්තියට අත්වැලක් වන්නට අපට සිත් දුන්නෙත් ඈ වැනි කාන්තාවන් මුලුමහත් සමාජයටම ආදර්ශයක් නිසාවෙන්. අතපාලා ජීවත් වෙන්නෙ නැතුව තමන්ගේ මහන්සියෙන් දෙයක් හම්බකරගෙන පවුලත් රැකබලා ගන්න මේ මවට අපි තවත් අයුරකින් උදව් කරන්න හිතුවා. ඒ අලුත ආරම්භ කල සමාජසත්කාර "සහස්නා" ඇපරල් හරහා ඇය මසන ඇඳුම් මිළදී ගෙන තවත් අසරණ පවුල් වලට ඒ ඇඳුම් විකිණීමට ස්වයංරැකියා අවස්ථා සලසා දිමට. එමගින් ඇගේ පවුල හරහා තවත් අසරණ පවුලක් ප්‍රතිලාභ ලබනවා.
උදව් කල ඔබ සැමට ඇය නොසෑහෙන්න පිං දුන්නා. ඔබ මේ කරගත්තාවූ කුසලයේ ආනුභාවයෙන් ඔබ සැමගේ ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. තෙරුවණ් සරණයි.

දරුවන් රැකගන්න ගොවිතැන් කරමින්
දුක් විඳින අසරණ පවුල (රානි ටේලර්ස්)
Machine Donation

රානි ටේලර්ස් - පසු විපරම් චාරිකාව - 2017 සැප්තැම්බර්

අපි මාස 3කට පසු නැවත ඇය බලන්න ගියේ ඔබ දුක් මහන්සි වී ඉපයූ මුදලින් ඇයට ලබාදුන් පරිත්‍යාගයෙන් ඇය උපරිම ඵල නෙලා ගන්නවාද යන්න පරීක්ෂා කිරීමටයි. 
ඇත්තෙන්ම ඇය අප ලබාදුන් රෙදි වලින් ඇඳුම් මසා හොඳ ආදායමක් ලබාගෙන තිබෙනවා. ඉන්පසු ඇය නැවතත් රෙදි ගෙනවිත් තවත් විශාල ඇඳුම් ප්‍රමාණයක් මසා ගමේ අයට අලෙවි කර තිබෙනවා. මසා නිමකල ඇඳුම් කිහිපයක ඡායාරූප ඇල්බම් එකෙහි තිබෙනවා.
අද ඇය, ඔබ නිසා සතුටින්, ඇගේ දරුවෝ, පවුලේ සියලුම දෙනා අද කාලා, ඇඳලා සතුටෙන් ඉන්නේ ඔබ නිසා.

Sahasna

පාසල් නොයන දියණියගේ මවට මහන මැෂිමක් ලබාදුන් Ransith Seneviratne ෆේස්බුක් මිතුරා

සතියේ දවස් 5 ගාමන්ට් ගිහින් රෑ 12 වෙනකම් පාඩම් කරලා, සෙනසුරාදා සහ ඉරිදා අතිරේක පන්ති වලින් ඉගෙන ගන්නා දිරිය දියණිය | පුබ්බෝගම
මේ ඉන්නේ පද්මිනී රත්නායක මහත්මිය (37) දුව හිමාලි හර්ෂනී. 13 වසර ඉගෙන ගන්නේ. තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. නිමාෂා දුව 9 වසර, හිමාධා දුව 1 වසර ඉගෙන ගන්නවා. කැකිරාව, පුබ්බෝගම ඉන්නේ. තාත්තා වසර 2කට කලින් නැතිවෙලා වකුගඩු රෝග නිසා.
මේ දුව ආර්ථික ප්‍රශ්න නිසා පාසල් ගමන නවත්වලා. දැන් ගාමන්ට් යනවා. හැබැයි අධ්‍යාපනය නවත්වලා නැහැ. හවස 7ට ගෙදර ඇවිත් රෑ 12 වෙනකම් පාඩම් කරනවා. සෙනසුරාදා සහ ඉරිදා අතිරේක පන්ති යනවා. සාමාන්‍ය පෙළට A2, B2, C3, S1ක් ලබාගෙන තියෙනවා. උසස්පෙළට කරන්නේ තාක්ෂණය සඳහා විද්‍යාව, ජෛව පද්ධති තාක්ෂණවේදය සහ කෘෂි විද්‍යාව. ඇය හොඳින් ඉගෙන ගනී කියලා මගේ හිතේ විශ්වාසයක් තිබෙනවා.
තාත්තා ජීවතුන් අතර ඉන්න කාලේ ණයක් අරන් ළූණු වගාවක් පටන් අරන්. නමුත් තාත්තාගේ අසනීපය නිසා සාත්තු කරන්න බැරිවෙලා ළූණු වගාව විනාශ වෙලා ගිහින්. ඒත් එක්කම තිබුණ හැම දෙයක්ම විකුණන්න වෙලා ණය ගෙවන්නයි තාත්තගේ බෙහෙත් වලටයි.
ඇඳුම් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් මූලිකව ආරම්භ කිරීමට අවශ්‍ය රෙදි, නූල් සහ අනෙකුත් අවශ්‍ය සියලුම දේවල් ලබාදුන්නා. මූලිකව කාන්තා යට සායවල්, ගවුම්, හවුස්කෝට්, සායවල් සහ පාපිසි මැසීමට අවශ්‍ය රෙදි තමයි ලබාදුන්නේ. අම්මා නොසෑහෙන්න පිං දුන්නා

සතියේ දවස් 5 ගාමන්ට් ගිහින් රෑ 12 වෙනකම් පාඩම් කරලා, සෙනසුරාදා සහ ඉරිදා අතිරේක පන්ති වලින් ඉගෙන ගන්නා දිරිය දියණිය වෙනුවෙන් | Machine Donation




සතියේ දවස් 5 ගාමන්ට් ගිහින් රෑ 12 වෙනකම් පාඩම් කරලා, සෙනසුරාදා සහ ඉරිදා අතිරේක පන්ති වලින් ඉගෙන ගන්නා දිරිය දියණියගේ මව සමඟ දුරකතන සංවාදයක්...

Sahasna

ඔත්පල අම්මාට සවියක් වෙන්නට මහන මැෂිමක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

ඔයාලට මතකයිනේ සේනපුර ඉන්න මේ අම්මයි, දුවයි. පසුගිය දිනක (2016 මාර්තු 21) අපි මේ අයට ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් මහන මැෂිමක් පරිත්‍යාග කලා. අම්මා ගොඩක් සතුටෙන්. උදව් කල හැමෝටම පිං දුන්නා. මහන්සි වෙලා පාගන්න බැරි නිසා අපි මෝටරයකුත් සවි කරලා දුන්නේ. ව්‍යාපාරයක් මූලිකව ආරම්භ කිරීමට අවශ්‍ය රෙදි, නූල් සහ තවත් අවශ්‍ය රෙදි මිළදී ගැනීමට රු.5,000ක මුදලක්ද ලබාදුන්නා.
මේ අම්මා පහුගිය දවසක රෝහලේ නතර වුණානේ ප්‍රතිකාර ගන්න, දැන් යම් සුවයක් තියෙනවා. රෝදපුටුවෙන් නැගිටලා හැරමිටියක් ආධාරයෙන් ඇවිදින්න පුලුවන්.
දුවට සාමාන්‍ය පෙළ විභාගය සඳහා සතුටුදායක ප්‍රතිඵල නැති නිසා උසස් පෙළ කරන්න බැහැ. නැවත සාමාන්‍ය පෙළ කරන එක ගැනත් විශ්වාසයක් තියන්න අපහසුයි. සමහරවිට ඇය ඇඳුම් මැසීම ස්වයංරැකියාවක් ලෙස ඉදිරියට කරගෙන යාවි.
තනුජා, වසන්ත, ඉන්දික, ශානිකා, ගිහාන්, නිලූ, චතුරි, මධුෂාන්, මධූක, චින්තක, ජයමාල්, තානි, කුමා, චන්දන, ගිහාන්, ලලිත් සහ සසන්ති යන ෆේස්බුක් මිතුරු, මිතුරියෝ එකතුවෙන් තමයි මේ අයට අපි මහන මැෂිම ගන්න උද්ව් කලේ....
උද්ව කල හැමෝටම බොහොමත්ම පිං...
ඔබ සියළු දෙනා නිසා දැන් මේ අම්මටයි, දුවටයි ස්වයිං රැකියාවක් කරලා සුළු හෝ ආදායමක් ලබලා ජීවිතේ ගැටගහගන්න පුළුවන්...

ඔත්පල අම්මාට සවියක් වෙන්නට මහන මැෂිමක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ | Machine Donation

Sahasna

කොටදෙණියාවේ දරුවන් 3 දෙනෙක් සිටින අඩු ආදායම් ලාභී පවුලකට සමාජ සත්කාර ජීවනාලෝක ව්‍යාපෘතිය යටතේ මහන මැෂිමක් පරිත්‍යාග කෙරේ.

2015 දෙසැම්බර් 21වන දින සමාජසත්කාර කණ්ඩායම කොටදෙණියාවේ, දියගම්පල, දොස්තරවත්ත පදිංචි එස්. ඩී. කාන්ති පුෂ්පලතා මහත්මියට මහන මැෂිමක් පරිත්‍යාග කලා. මේ සඳහා දායකත්වය දැක්වුයේ චන්ද්‍රිකා රෝහණ මහත්මියයි. ස්වයං රැකිියාවක් ආරම්භ කිරීමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගැනීමට දායකත්වය දැක්වුයේ අපේ ෆේස්බුක් මිතුරු සඳුන් විතාරනගේ විසින්. ඔවුන් දෙපලටම අපගේ හදපිරි ගෞරවනීය ස්තූතිය.
පුෂ්පලතා මහත්මියට දරුවන් තිදෙනෙක් සිටිනවා. ස්වාමීපුරුෂයා දියවැඩියාවෙන් පෙළෙන නිසා රැකියාවක් කරගැනීමට අපහසුයි. දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු වලටද සහය දක්වනේ කොටදෙණියාවේ ඇගළුම් කම්හලක් මගින්.
ඉතිං කරුණු සොයාබැලීමෙන් අනතුරුව අප සිතුවා මැයට මහන මැෂිමක් සහ පාපිසි මසන ස්වයංරැකියාවක් ආරම්භ කරන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලබාදෙන්න.
ඇයට මෙසේ උදව් කිරීම සම්බන්ධයෙන් ඇය අපගේ කණ්ඩායමටත් විශේෂයෙන්ම මේ පරිත්‍යාගයට දායකත්වය දැක්වුව දෙපළටත් බොහොමයක් පිං දුන්නා. 

කොටදෙණියාවේ දරුවන් 3 දෙනෙක් සිටින අඩු ආදායම් ලාභී පවුලකට මහන මැෂිමක් පරිත්‍යාග කිරීම  | Machine Donation

කොටදෙණියාවේ දරුවන් 3 දෙනෙක් සිටින අඩු ආදායම් ලාභී පවුලකට සමාජ සත්කාර ජීවනාලෝක ව්‍යාපෘතිය යටතේ මහන මැෂිමක් පරිත්‍යාග කිරීම 

අපි උදව් කල තවත්
අසරණ පවුල්...

About Us

දිළිඳු භාවය පිටු දැකීම උදෙසා සුවහසක් ශ්‍රී ලාංකික දුගී දුප්පත් ජනයා හට නිතර පිහිට වීමට වඩා ඔවුනට ස්ථීර පිළියමක් ලබා දීම කෙරෙහි සමාජසත්කාර අපගේ අවධානය යොමු විය. එහිදී එම පවුල් වෙත ආදායම් මාර්ගයක් සකස් කරගැනීම වෙනුවෙන් ස්වයංරැකියා ලබා දීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබුවා. සහස්නා Apparel හි බිහි වීම ආරම්භ වූයේ එමඟිනි. 

SUBSCRIBE

අසරණ පවුල ගැන විස්තර එසැනින් ලබාගැනීමට...

CONNECT WITH US